ඒත් මේ වගේ කාරණයක් ගැන ඔබ නිකමට වත් හිතන්නේ නැතුව ඇති.
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 100 කට දළ වශයෙන් දුරකථන 141.2 ක් තිබෙන බව අනාවරණය වෙනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉකුත් වසරේ (2024) දත්ත අනුව මෙරට තුළ ඇති ජංගම දුරකථන සංඛ්‍යාව 28,820,245ක්.
එමෙන්ම, රැහැන් සහිත දුරකථන සංඛ්‍යාව 1,075,344 ක් වන අතර, රැහැන් රහිත දුරකථන සංඛ්‍යාව 1,046,216 ක් බවට අනාවරණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත 2025’’ වාර්ෂික ප්‍රකාශනයේ මෙම තොරතුරු සඳහන්කර තිබෙනවා. ඉකුත් 2023 වසරේදී මෙරට භාවිත කරන ලද ජංගම දුරකථන සංඛ්‍යාව 28,986,361 ක්.
එම වසරේ මෙරට තුළ ජංගම දුරකථන ඝනත්වය (පුද්ගලයන් 100 කට) වූයේ 142ක්. ඒ අනුව, 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී දුරකථන භාවිතය අඩුවී ඇති අතර, සමස්තයක් ලෙස ඉකුත් වසරේ මෙරට දුරකථන සංඛ්‍යාව තිස් කෝටි නව ලක්ෂ හතළිස් එක් දහස් අටසිය පහ (30,941,805)ක්.
ඉකුත් වසරේ මෙරට විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව (ජංගම අන්තර්ජාල සම්බන්ධතාද ඇතුළත්ව) 23,149,380 ක් වන අතර, ඉකුත් 2023 වසරේදී එම සංඛ්‍යාව වූයේ 22,864,173 ක්..
අරුණ පුවත්පත ඇසුරෙන්..